Codegen මගේ ආයතනය ඩොලර් මිලියන ගණනක් වටිනවා – Talk With Chatura

Codegen මගේ ආයතනය ඩොලර් මිලියන ගණනක් වටිනවා – Talk With Chatura

Turn Off Light
Auto Next
More
Watch Later
Report

Report


Author Avatar

BusinessTV

Joined: Sep 2024

Reviews

0 %

User Score

0 ratings
Rate This

Descriptions:

ආචාර්ය හර්ෂ සුබසිංහ CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයායි. ඔවුන් විසින් ලංකාවේ ප්‍රථම සුපිරි මෝටර් රථය නිපදවා ඇති අතර එය මේවන විටත් අවසන් පර්යේෂණ මට්ටමේ පවතියි. සුපිරි මෝටර් රථ පිළිබඳ කතා කරන විට අපගේ මතකයට නැගෙන්නේ LAMBORGHNI, FERRARI වැනි සුපිරි මෝටර් රථයන් මෙම සුපිරි මෝටර් රථය ඔවුන් නම් කරන්නේ”WEGA” ලෙසයි. මෙය සැබැවින්ම අපේ රටේ ඉංජිනේරු මෝටර් රථයක්. සැබැවින්ම මෙහි අදහස ආචාර්ය හර්ෂ සුබසිංහගේ වන අතර මා ඔහු ලංකාවේ ELON MUSK ලෙස හඳුන්වාදීමට කැමතියි. මෙම ව්‍යාපෘතියේ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි MECHANICIAL ENGINEERING, ELECTRICIAL ENGINEERING, SOFTWARE ENGINEERING, ELECTRONIC ENGINEERING, MATERIAL ENGINEERING ක්ෂේත්‍රවල ප්‍රවීනයන් මේ සඳහා නිපුණත්වය ලබාදී තිබෙනවා. එමෙන්ම ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතීම බුද්ධි විද්‍යාගාරය ARTIFICAL INTELLIGENCE LAB මොරටුව විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස අරඹා ඇති අතර AI තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය උසස්තැනකට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින අතර එය රාජ්‍ය අංශයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වගකියන පර්යේෂණ අංශ විසින් සිදුකළ යුත්තක් බව අපගේ පෞද්ගලික හැගීම වන අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාදී තිබීම සතුටට කරුණක්. එමෙන්ම ඔවුන් ලෝකයේ ප්‍රධානපෙලේ ව්‍යාපාර (BLUE CHIP) ගණනාවකටම සිය සේවාවන් සැපයෙන අතර අනාගතයේ දැනට ඩොලර් මිලියන ගණනක වටිනාකමක් ඇති තම ව්‍යාපාර ඩොලර් මිලියන ගණනක් වටිනා ව්‍යාපාර බවට පත් කිරීමේ බලාපොරොත්තු ඇතුව සිය ව්‍යාපාර මෙහෙයමින් සිටිනවා. ඔහුගේ තර්කය වන්නේ SAMSUNG ව්‍යාපාරයට දකුණු කොරියාවේ දළ ජාතික නිෂ්පාදිකයින් 17%කට වගකීමට හැකියාව තිබෙනවා නම් එවැනි විශාල වටිනා කමක් ඇති ව්‍යාපාර මෙරට තුළ ගොඩනැගීම තුළින් අප රටේ ආර්ථිකයට ගොඩනැන්විය හැකි බවයි. එමෙන්ම ඔහු වසර 12ක් තිස්සේ බුදු දහම පිළිබඳ ගැඹුරු අධ්‍යනයන් සිදුකරමින්, තාක්ෂණය තුළ සහ විද්‍යාව තුළ ඔවුන් ලබාගත් සංවර්ධනයේ යථාර්ථයක් නොමැති බව පසක් කරගනිමින් ප්‍රායෝගියක බුදුදහම භාවනා ක්‍රමයන් ඔස්සේ අත්හදාබලමින් සිය ජීවිත දර්ශනය එය ඔස්සේ හැඩගස්සවා ගෙන ඇත්තේ එදිනෙදා ජීවිතයට පහසුකරගනිමින් අපි ඔහුට සුබ පතමු. ඔහු පිළිබඳව ලියන්න බොහෝ දේ ඇත. මේ සටහන ඔහුගේ වීඩියෝවේ අන්තර්ගතයෙන් දහයෙන් එකකට අඩු ප්‍රමාණයකි. සමස්ත වැඩසටහන් නරඹන්න. ඔබේ ජීවිතයට ආලෝකයක් එක්කාසු කරගන්න.

Leave your comment

Your email address will not be published. Required fields are marked *